අ.පො.ස.(උ/පෙළ) න්තිවලට ඇතුළත් වීම - 2026/2028

අයදුම්කරුවන්ට උපදෙස්:

·    2026/2028 අ.පො.ස.(උ/පෙළ) පන්තිවලට ඇතුළත් වීම සඳහා අදාළ අයදුම්පත් 2026. 06 . 30 දිනට පෙර  මාර්ගගතව (online) යොමු කළ හැකිය.  

·      මාර්ගගතව යොමු  කරන ලද අයඳුම් පතෙහි  විෂය ධාරාව තෝරා ගැනීමේ දී  පහත උපදෙස් අනුගමනය කරන්න.

විෂය ධාරාව

මාධ්‍යය

ජීව විද්‍යා

සිංහල , ඉංග්‍රීසි

භෞතීය විද්‍යා

සිංහල , ඉංග්‍රීසි

කලා

සිංහල

වානිජ

සිංහල

·          ල්ලුම්  පත්‍රයේ  දක්වා ඇති  සියලුම තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් සම්පර්ණ කළ යුතු අතර අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ .

·   ඔබ විසින් සපයන ල තොරතුරු මත, පාසලට ඇතුළත් කර ගැනීමේ  නිරණායක සම්පූර්ණ වුවහොත්, ල්ලුම් පතෙහි  සඳහන්  සුදුසුකම්වලට අදාළ සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කළ යුතු ය.

·       ඔබ විසින් සත්‍ය තොරතුරු පමණක් සැපයිය යුතු අතර අසත්‍ය තොරතුරු සපයන ලබවට අනාවරණය වුවහොත් ඔබ නුසුදුස්සකු වනු ඇත.

·       එම අයඳුම්පත බාගත කොට, එහි දෘඪ පිටපත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසලේ  විදුහල්පති මගින් සහතික කර,  පහත දැක්වෙන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය.

Ø සැලකිය යුතුයි:

·      විද්‍යා විෂයය ධාරාව ( ජීව විද්‍යා , භෞතීය විද්‍යා)  සඳහා  A 8 සාමර්ථ්‍යය අවමය වේ.

·      වානිජ විෂයය ධාරාව සඳහා  A  7 සාමර්ථ්‍යය අවමය වේ.

·      කලා විෂයධාරාව සඳහා A  6 සාමර්ථ්‍යය අවමය  වේ .

Ø උසස් පෙළට හැදෑරීමට අපේක්ෂා කරන විෂය ධාරාව අනුව ,  අදාළ විෂය සඳහා සාමර්ථ්‍යය ලබා තිබීම අනිවාර්යය.

Ø කලා විෂය  ධාරාව යටතේ අයඳුම් කරන ශිෂ්‍යාවන් පහත විෂයය කාණ්ඩ තුන අතරින් ,එක් කාණ්ඩයකින් එක් විෂයක් වන ලෙස විෂයන් තුනක් තෝරා ගැනීම අවශ්‍ය වේ.

Ø තොරතුරු තාක්ෂණ විෂය ( ICT ) තෝරා ගන්නේ නම් , අදාළ මාධ්‍යය  සිංහල - ICT (S) / ඉංග්‍රීසි -  ICT (E)    ලෙස සඳහන් කිරීම  අවශ්‍ය වේ.

කලා විෂයය ධාරාවේ විෂයය කාණ්ඩ

විෂය කාණ්ඩය I

විෂය කාණ්ඩය II

විෂය කාණ්ඩය III

සිංහල  

තොරතුරු තාක්ෂණය දේශපාලන විද්‍යාව   

නාට්‍ය හා රංග කලාව කෘෂිකර්මය

බටහිර සංගීතය

 

 

 

ඉතිහාසය

මාධ්‍ය අධ්‍යයනය තර්ක
ශාස්ත්‍රය     ජපන් භාෂාව

හින්දි භාෂාව   ව්‍යාපාර
සංඛ්‍යානය

චීන භාෂාව  

නර්තනය

පෙරදිග සංගීතය

චිත්‍ර  

සිංහල

භූගෝල  විද්‍යාව 

ව්‍යාපාර සංඛ්‍යානය

ඉංග්‍රීසි සාහිත්‍යය

ආර්ථීක විද්‍යාව

සම්පූර්ණ කරන ලද අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න.

විදුහල්පති,
බප/කළු/ පානදුර බාලිකා මහා විද්‍යාලය,
පානදුර.